ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
මේ වන විට තරගයේ පන්දුවාර දෙකක් අවසන් වී ඇති අතර කිසිවෙක් නොදැවී ලකුණු 20ක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.
ගුජරාට් ටයිට්න්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් හට අවස්ථාව උදාවී තිබෙනවා.