රුපියල් කෝටියක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ , මරදාන ප්‍රදේශයේ පදිංචි , ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙක්.
ඔහු මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවෙන් මිළදී ගෙන , එතැනින් සිංගප්පූරුව වෙත පැමිණ , එතැන් සිට , අද දින අලුයම 12.45 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ඇසුරුම් 03 ක් ලෙස සකස් කළ , මෙම “කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 024 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබියදී සිය භාරයට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.










