කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී කුෂ් කිලෝ ග්‍රෑම් 9යි ග්‍රෑම් 555 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් ග්‍රෑන්ඩ්පාස් සිරිමුතුඋයන නිවාස සංකීර්ණය ආසන්නයේ වැටලීමක් සිදුකළා.
කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබද වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබනවා.