බැංකොක් සිට මෙරටට පැමිණි රාගම ප්‍රදේශයේ පදිංචි අයෙක් සහ කැනේඩියානු ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(03) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 21 ග්‍රෑම් 779ක් සූක්ෂම ලෙස සඟවාගෙන එන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බැංකොක් සිට පැමිණි පුද්ගලයෙකි.
සැකකරු වයස අවුරුදු 42ක් වන කැනේඩියානු ජාතිකයෙක් බවද පොලිසිය කියා සිටියා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ(02) දහවල් කාලයේදී ද ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු බැංකොක් සිට පමිණි පුද්ගලයෙකු බවත් එම පුද්ගලයා සූක්ෂම ලෙස සඟවා රැගෙන එන ලද කුෂ් මත්ද්‍රවය කිලෝ 25 ග්‍රෑම් 550ක් සමග අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 38ක් පමණ වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය පවසනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














