කුලියාපිටිය නගරාධිපති අපේක්ෂක, හිටපු නගරාධිපතිවරු සහ ආසන සංවිධායකවරු කිහිපදෙනකුට ඊයේ පස්වරුවේ පහරදීමක් සිදුව ඇති බව කුලියාපිටිය පොලිසිය පවසනවා. අද පැවැත්වෙන කුලියාපිටිය නගර සභා සභාපති තෝරා පත් කර ගැනීම වෙනුවෙන් කුලියාපිටිය හෝටලයක පැවති සාකච්ඡාවකදී මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. එම සාකච්ඡාව අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් මත මෙම පහරදීම සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සාකච්ඡාව අතරතුර එක්වරම නැගී සිටි බුද්ධික මහේෂ් මන්ත්‍රීවරයා තමන්ටද සභාපති ධූරය අවශ්‍ය බව පවසා අතයි සඳහන්. ඔහු එලෙස පැවසීමෙන් සාකච්ඡාව උණුසුම් වූ බවත්, එහිදී බුද්ධික මහේෂ් නැමැති මන්ත්‍රීවරයා විසින් පිරිසට පහර දුන් බවත්, පහරකෑමට ලක්වූ සභාපති අපේක්ෂක ගාමිණී කරුණාරත්න පවසා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු වූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, උපාලි පියසෝම ඇතුළු පිරිසක් එහි සිට ඇතැයිද අප වාර්තාකරු සඳහන් කළා. සමගි ජනබලවේගය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කුලියාපිටිය නගර සභාවේ බලය පිහිටුවීමට සාකච්ඡා කර ඇති බවත් එහිදී මෙම ගැටුම සිදුව ඇති බවත්, අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














