කුලියාපිටිය නගරාධිපති අපේක්ෂක, හිටපු නගරාධිපතිවරු සහ ආසන සංවිධායකවරු කිහිපදෙනකුට ඊයේ පස්වරුවේ පහරදීමක් සිදුව ඇති බව කුලියාපිටිය පොලිසිය පවසනවා. අද පැවැත්වෙන කුලියාපිටිය නගර සභා සභාපති තෝරා පත් කර ගැනීම වෙනුවෙන් කුලියාපිටිය හෝටලයක පැවති සාකච්ඡාවකදී මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. එම සාකච්ඡාව අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් මත මෙම පහරදීම සිදුව තිබෙනවා. කෙසේ වෙතත් සාකච්ඡාව අතරතුර එක්වරම නැගී සිටි බුද්ධික මහේෂ් මන්ත්‍රීවරයා තමන්ටද සභාපති ධූරය අවශ්‍ය බව පවසා අතයි සඳහන්. ඔහු එලෙස පැවසීමෙන් සාකච්ඡාව උණුසුම් වූ බවත්, එහිදී බුද්ධික මහේෂ් නැමැති මන්ත්‍රීවරයා විසින් පිරිසට පහර දුන් බවත්, පහරකෑමට ලක්වූ සභාපති අපේක්ෂක ගාමිණී කරුණාරත්න පවසා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු වූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, උපාලි පියසෝම ඇතුළු පිරිසක් එහි සිට ඇතැයිද අප වාර්තාකරු සඳහන් කළා. සමගි ජනබලවේගය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කුලියාපිටිය නගර සභාවේ බලය පිහිටුවීමට සාකච්ඡා කර ඇති බවත් එහිදී මෙම ගැටුම සිදුව ඇති බවත්, අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.
උණුසුම් පුවත්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට
- තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්‍රහාර
- ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද සිට
- අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- ආපදා මරණ සංඛ්‍යාව 627 දක්වා ඉහළට – 190ක් අතුරුදන්
- මිනිස් පරීභෝජනයට නුසුදුස මස් කිලෝ 12000ක් සොයා ගැනේ
- නුවරඑළියට පිවිසුම් මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට












