සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘතදේහයක් පොල්පිතිගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පොල්පිතිගම කුඹුකුලෑව ප්‍රදේශයේ කුඹුරු ඉඩමක පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද පණිවුඩයක් මත සිදු කරන ලද සොයා බැලීමකදී අදාළ මෘත දේහය සොයා ගැනුණු බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහවැව පාර කුඹුකුලැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59ක පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා කුඹුරේ නියම බැඳීමට ගොස් ඇති අතර නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී කුඹුරේ මුණින් අතට වැටී මියගොස් සිට තිබෙනවා.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.