ප්‍රබල ශීත කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දමා තිබෙනවා.
එමෙන්ම ඊසානදිග ඇමරිකාවේ ප්‍රදේශ හරහා ගමන් කිරීමට මෙම කුණාටුවෙන් බාධා එල්ල වී තිබෙනවා.
මෙම කලාපය පුරා දැඩි හිම, තද සුළං සහ භයානක ගමන් තත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
හිම කුණාටුව දැනටමත් වොෂින්ටනයේ සිට නිව් ඉන්ග්ලන්ඩ් දක්වා නැගෙනහිර වෙරළ තීරයේ ගමනාගමනයට බාධා කර ඇති අතර, ගුවන් සමාගම් දහස් ගණනක් ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
ඇමරිකාවේ විශාලතම පාසල් දිස්ත්‍රික්කය වන නිව්යෝර්ක් නගරයේ සියලුම පාසල් නිවාඩු ලබාදී තිබෙනවා.
නිව්යෝක් නගරාධිපති සොහ්රාන් මම්දානි ප්‍රාන්තයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කළා.














