සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුරේ කුඩු සලිඳු’ නමැත්තාගේ ජාලයට සම්බන්ධ වූ කාන්තාවක් අරුක්ගොඩ රුක්ගහ පාරේ පිහිටි නිවසකදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 10කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.
‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව හිරණ පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මීට මාස දෙකකට පෙර මෙම කාන්තාව අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, ඇසුරුම් බෑග්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථනයක් සහ ජාවාරමෙන් උපයා ගත් රුපියල් 36,500ක මුදලක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඇය පානදුරේ කුඩු සලිඳුගේ ජාලයේ ප්‍රධානතම ගෝලයා වන, ඩුබායි රාජ්‍යයේ සිටින ‘රණයා’ නමැත්තා විසින් විවිධ පුද්ගලයන් හරහා ලබා දෙන මත්ද්‍රව්‍ය පැකට් කර අලෙවි කර ඇති බවයි.
අවුරුදු 27ක් වන සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.











