දැනට විදෙස්ගතව සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු- වන කුඩු සළිඳු නමැත්තාගේ සගයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිතුලාව ප්‍රදේශයේ කාන්තාවක් සහ ගල්පාත ප්‍රදේශයේ පිරිමි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදු කරන ලද වැටලීම්වලදීයි.
ප්‍රමිතා සුභාෂිණී හෙවත් පළාතොට මධූ නමැත්තිය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 490ක් සහ හෙරොයින් ග්‍රෑම් 301 මිලිග්‍රෑම් 580ක් සමග සොයාගෙන තිබෙනවා.
විමර්ශනවලින් හෙළිව ඇත්තේ ඇය විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය ඇසුරුම් කර බෙදාහැර ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ සැකකාරියට එරෙහිව දැනටමත් නඩු දෙකක් මහාධිකරණයේ ඇති බවත් ඇයගේ සැමියා මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් සිරදඬුවම් විඳිමින් සිටින බවත්ය.
ගල්පාත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලහිරු කුමාර හෙවත් චූටි නමැත්තෙකි.
සැකකරු වෙස්වලාගෙන යතුරු පැදියකින් පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අයිස් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 740ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යෙදාා ගත් බව කියන යතුරු පැදියක්ද සොයාගෙන තිබෙනවා.
චූටි නමැත්තා කුඩු සළිඳුගේ ප්‍රධානතම බෙදාහරින්නෙකු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මහාධිකරණ නඩු දෙකකටද මුහුණදී සිටින බවත් පොලිසිය පවසනවා.
චූටි නමැත්තාගේ සහෝදරයාද ඒ හා සමානම චෝදනා මත සිරගත කර ඇති බවයි වාර්තා වන්නේ.












