කිලිනොච්චිය මුහමාලේ පොන්දර් කුඩියිරිප්පු ප්‍රදේශයේ තිබී මෝටාර් උණ්ඩ තොගයක් ආරක්ෂක අංශ විසින් සොයා ගත් බව පලෙයි පොලිසිය පවසනවා.
පලෙයි පොලිස් වසමට අයත් පුද්ගලික ඉඩමක් තුල එහි හිමිකරු වගා කටයුතු සදහා බිම් සකස් කරමින් සිටියදී අදාළ මෝටාර් බෝම්බ තොගය හමුවී තිබුණා.
පසුව ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත ආදාළ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කල පාරික්ෂා කිරීම් වලදී පුපුරා නොගිය මෝටාර් බෝම්බ 40 ක් සොයා ගනු ලැබුවා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය අදාළ බෝම්බ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි කටයුතු කලේ.