කිරි තේ එකක මිල රුපියල් දහයකින් අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි මිල අඩුවීමට සමගාමීව මෙම තීරණය ගත් බවයි.
මෙම තීරණය හෙට(16) දින සිට ක්‍රියාත්මක බවද එම සංගමය පවසනවා.
ආනයනික කිරි පිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 135කින් සහ ග්‍රෑම් 400ක පැකැට්ටුවක මිල රුපියල් 50කින් පහළ දැමුණා.













