කිරින්ද ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කළ බවට සැකකෙරන බහුදින ධීවර යාත්‍රාව සොයාගෙන තිබෙනවා.
තංගල්ල ප්‍රදේශය ආශ්‍රිතව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදු කළ සෝදිසියකදීයි මෙම ධීවර යාත්‍රාව ඊයේ සොයාගෙන ඇත්තේ.
යාත්‍රාව සමග සැකකරුවන් 5 දෙනෙකුත් එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිත කරන සලකුණු නිර්මාණය කරන ස්ථානයක් වටලා තිබෙනවා.
ඒ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිත කරන සලකුණු රැසක් ඇතුළත් ස්ටිකර් තොගයක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණා.
මේ අතර විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින්, හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේදී භාවිතා කරන ස්ටිකර් මුද්‍රණය කළ ස්ථානයක්ද වටලා තිබෙනවා.
මෙලෙස වටලා ඇත්තේ මොරටුමුල්ල කටුබැද්දේ පිහිටි ස්ථානයක් .
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුණා.
මෙම ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ ඉකුත් 9 වැනිදා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් සැකකරුවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි.













