කිඹුල් ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බවට සැක සහිත පුද්ගල මළසිරුරක් බොරලැස්ගමුව දිවුල්පිටිය සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 55ක් පමණ වන අයෙක් මෙලෙස මියගොස් සිට ඇති බවයි.
මෘතදේහය හමුවන විට දකුණ අත සහ දකුණු කකුල ඇතුළුව සිරුරේ භාගයක් පමණ නොතිබූ බවයි පොලිසිය පවසන්නේ.
අදාළ පුද්ගලයා පසුගිය 21 වන දින මාළු ඇල්ලීම සඳහා නිවිසින් බැහැරව ගොස් ඇති නමුත් යළි නිවසට නොපැමිණි බවයි නිවැසියන් පොලිසියට කියා ඇත්තේ.
ඒ අනුව මෙම පුද්ගලයා මසුන් මරමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්වන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













