කැලණිවැලි දුම්රිය මාර්ගයේ රත්නපුරය දක්වා කොටස දීර්ඝ කිරීමේ හා හෝමාගම දක්වා ද්විත්ව මර්ගයක් කිරීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා පවසනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර පසුගිය 6 වනදා භාරදුන් බවත් ඊට අනුමැතිය ලැබීමෙන් පසුව එහි මූලික කටයුතු ආරම්භ කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.
සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට රුපියල් බිලියන 10ක පමණ මුදලක් වැය කෙරෙන බවත් අදියර තුනකින් එහි වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව පළමු අදියර අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වාත් දෙවන අදියර කුරුවිට දක්වාත් තෙවන අදියර රත්නපුරය දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ අතර කොළඹ සිට හෝමාගම දක්වා කොටස ද්විත්ව මාර්ගයක් කිරීමට රුපියල් බිලියන 5ක පමණ මුදලක් වැයවෙනු ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා කියා සිටියා.