කැරිබියන් සහ කේමන් දූපත් ආශ්‍රිත කලාපයට ප්‍රබල ගණයේ සුනාමි අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
ඒ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින්.
මෙම සුනාමි අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ මෙම දූපත් කලාප ආශ්‍රිතව ඇති හයිටි,බෙලීස්,බහමාස්,පුවර්ටෝ රිකෝ සහ වර්ජින් දූපත් වලටයි.
කැරිබියන් සහ කේමන් දූපත් ආශ්‍රිත මුහුදේ සැතපුම් 130 ක දුරකින් මැග්නිටියුබ් ඒකක 7.6 ක ප්‍රබල භූමි කම්පාවක් සිදු වුනා.
මෙම භූමි කම්පාව නිසා ඉදිරි පැය කිහිපය තුල ඉතා ප්‍රබල සුනාමියක් මෙම කලාපයේ ඇති විය හැකි බවයි එක්සත් ජන පද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ.
ඩොමිනිකන් රජයද සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ පළමු සුනාමි රළ පුවර්ටෝ රිකෝ කලාපයට ඇතුල් විය හැකි බවයි.
පුවර්ටෝ රිකෝ ආණ්ඩුකාර ජෙනිෆ් ගොන්සාලෙස් විසින් මේ වන විටත් වෙරළ කළාපයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින අතර සියලුම වෙරළ කළාප වසා දමා තිබෙනවා.
නැවත දැනුම් දෙන තුර මුහුද දෙසට නාවුක ගමන්ද තහනම් කරමින් පුවර්ටෝ රිකෝ ආණ්ඩුකාරවරයා විසින් නියෝගයක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.