අලුත්ගම, මතුගම මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 3ක් වූ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මතුගම දෙසට ධාවනය වු යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ(25) මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් යතුරුපැදිකරු, පසු පැදිකාරිය සහ ඔවුන්ගේ දරුවා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තුවාලකරුවන් දර්ගා නගර්යේ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර දැරිය එහිදී මියගෙස් තිබෙනවා.
යතුරු පැදිකරු සහ පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරු කරු යවා ඇති අතර දැරියගේ මෘත දේහය දර්ගා නගරයේ රජයේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













