කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවීමට එක්සතක් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවයි ඔහු සදහන් කර ඇත්තේ.
ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය ඔරමඑය ීදජස්ක ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවයි.
එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවද එම සටහනේ වැඩි දුරටත් දක්වා තිබුණා.
වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබුණා.
උණුසුම් පුවත්
- කාන්තාවක් පැදවූ වෑන් රථයක් දුම්රියේ ගැටෙයි
- ධීවරයන්ට කාලගුණයෙන් නිවේදනයක්
- ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි
- කොළඹ වරායේ සිදුවූ අනතුරකින් රියදුරෙකු ජීවිතක්ෂයට
- සංවර්ධනය කළ තවත් මාර්ගයක් ජනතා අයිතියට
- වනාන්තර ගිනි තබන්නන්ට එරෙහිව නීතිය දැඩිව
- වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක් තුවාල ලබයි
- හෙරොයින් කිලෝ 1ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට