කැනඩාවේ බටහිර ප්‍රදේශ රැසකට බලපා ඇති ලැව් ගිනි තත්වය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සස් කැච්වන් පළාතේ පාලනයකින් තොරව ලැව් ගිනි 14 ක් හටගෙන ඇති අතර තවදුරටත් එය අනෙකුත් ප්‍රදේශ කරාද ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එම ප්‍රදේශයන් වල දහස් ගණන් ජනතාව තම නිවෙස් අතහැර යමින් සිටින බවද සදහන්.
මෙම ලැව් ගිනි තත්වය මෙතෙක් වාර්තා වු දරුණුතම තත්වයක් බවයි ප්‍රාන්ත බලධාරින් පෙන්වා දෙන්නේ.