තලවකැලේ ආගරපතන කොත්මලා ඔයට ජලය ගලා බසිනා අග්‍රාඔය හරහා ඉදිකර ඇති යකඩ පාලම දිට්වා සුළි කුණාටුවෙන් කැඩි ගැලවී යාමෙන් පසු එම පාලම භාවිතා කළ අවට වතු කම්කරුවන් පිරිසක් එක්ව දැව කඳන්වලින් සෑදු තාවකාලික පාලමක් ඉදිකර අග්‍රාඔය හරහා ගමන් පහසුව සලසාගෙන තිබෙනවා.
අග්‍රාඔය හරහා ඉදිකර තිබූ ගංවතුරට හසු වී කැඩී ගිය යකඩ පාලමෙන් වතු හයකට වතු කම්කරුවන් සහ පාසල් ළමුන් භාවිතා කළ පාලමකි.
උට්ටුවේලි වතුයාය හරහා ඉදිකර තිබූ යකඩ පාලම කැඩී යාම නිසා පාලමෙන් එගොඩ වතු හයක ජනතාව ආගරපතන, පසුමලේ ප්‍රදේශයට පැමිණීමට නොහැකිව දින ගණනාවක් කිලෝමීටර් ගණනාවක් එපිටින් වූ විකල්ප මාර්ග ඔස්සේ ආගරපතන රෝහල ඇතුළු ආගරපතන නගරයට පිවිසීම සිදු කර තිබෙනවා.
දැනට තාවකාලිකව ඉදිකරන ලද පාලම යළිත් ගංවතුරකට හසු වී ගසාගෙන යාමේ අවදානමක් පවතින නිසා අග්‍රාඔය හරහා ගංවතුරට අසු වී හානි සිදු නොවන ආකාරයට අලුත් පාලමක් සවිකරදෙන ලෙසඑ ම පාලම හරහා ගමන් ගන්නා වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.










