පවතින අයහපත් කාළගුණය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විශේෂ අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දක්වා ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර 490 ගිනිකොණ දෙසින් ස්ථාපිත ව පවතින බවයි.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවන බවද එම නිවේදනයේ සදහන්.
එමෙන්ම එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.
ඒ අනුව අද දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා..
මෙම පද්දතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ට වැඩි ඉතා තද වැසි ඇති වන බවද එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














