ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවට ලබාදෙමින් බංග්ලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ අද දින තරගය සඳහා කැඳවා තිබෙනවා.
එසේම තරගය ආරම්භයට පෙර දුනිත්ගේ පියාගේ අභාවය සිහිකරමින් විනාඩියක නිහඬතාවයක්ද පළ කළා.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමම තරග කරන බවයි නායක චරිත් අසලංක කියා සිටියේ.
කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව Nurul Hasan සහ Rishad Hossain අද තරගයට සහභාගි නොවන අතර ඒ වෙනුවට Shoriful Islam සහ Mehedi Hasan කණ්ඩායමට කැඳවා තිබෙනවා.
තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.