මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.
කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3.5ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 4.1ක් දක්වා අද(06) වන විට ආසන්න වී ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජල බලාගාරවල විදුලිය උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවද ජල විදුලි බලාගාර ඉංජිනේරුවන්ද පවසනවා.