ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා.
සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ.
මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත් කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ මෙම ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසකට ජීවිත අහිමි වුණා.
නිවාස හා දේපළ අහිමිවීම් පිළිබඳ මේ වන තුරු තක්සේරු කර අවසන් නැති බවයි වාර්තා වන්නේ.