Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්

    2026-07-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් නිර්දේශ කර තිබෙනවා. ඒ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුවයි. පසුගිය වසරේ පෙරහැරෙන් ඉවත් කළ කාවඩි කණ්ඩායම් කිහිපයකට මෙවර අනිවාර්යයෙන් අවස්ථාව ලබාදිය යුතු බවට තර්ජනාත්මක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඊට ප්‍රතිචාර දක්වන තවත් හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර, ඒ අතර තුරයි ඉකුත් ජූලි 21 වනදා දේවාලය ආසන්නයේ නිවසකට වෙඩි තැබීමක්ද සිදුව තිබුනේ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමුකර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් බුද්ධි තොරතුරු එම ලිපියේ ඇතුලත් බවයි වාර්ත් වන්නේ. අදාළ ලිපියෙන්, කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පාර්ශ්ව අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා. එම අපරාධ කණ්ඩායම්වල අනුගාමිකයන් කාවඩි නර්තන කණ්ඩායම් සමඟ එක්වීමට ඉඩ ඇති බවත්, ඒ හේතුවෙන් කලහකාරී තත්ත්වයක් ඇතිවී ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් අදාළ ලිපියෙන් පෙන්වා දී ඇති බව සදහන්. එමෙන්ම, කාවඩි නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී ඩ්‍රෝන යානා යොදාගෙන තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවටද බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව, කාවඩි නර්තන කණ්ඩායම් පෙරහැරේ ගමන් කිරීම තාවකාලිකව අවලංගු කරන ලෙසයි පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ. කෙසේ වෙතත් දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වැනි පේළි පෙරහරට කාවඩි නර්තන අංගය එක් කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ලියාපදිංචි කාවඩි නර්තන කණ්ඩායම් 25කට පමණක් එම නර්තන අංගයට සහභාගි වීමට අවසර ලබාදෙන බවත් එහි දක්වා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    devinuwara Kavadi dance The annual procession of the Sri Vishnu Maha Devalaya in Devinuwara Utpalawanna
    පෙර පුව​තඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    ඊළඟ පුව​ත දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group