තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අද පස්වරු 3.30 තෙක් එම නිවේදනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ .
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශයේ ම පවතීන බවද කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළා .
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ඉදිරි පැය 24 තුළ දී එය බටහිර දෙසට එනම් නිරිතදිග බෙංගාලබොක්ක දෙසට තවදුරටත් ගමන් කිරීමට ඉඩ ඇති බවයි .
ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 පමණ දක්වා වැඩි වියහැකි අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි .
එබැවින් ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීනවා .