අයහපත් කාලගුණය ආසියාවේ රටවල් කිහිපයකටම දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.
මේ වන විට ඉන්දුනිසියාවේ පමණක් ගංවතුර හා නායයාම්වලින් මිය ගිය සංඛ්‍යාව 900 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දිට්වා සුලිකුණාටුව තායිලන්තය , වියට්නාමය සහ මැලේසියාව සහ ඉන්දුනීසියාව ආදි රටවලට දැඩි බලපෑම් එල්ල කළා.
ඉන්දුනීසියාවේ පමණක් මිය ගිය සංඛ්‍යාව 900 ඉක්මවනවා.
සුමාත්‍රා දූපතෙහි 700 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර පුද්ගලයින් මිලියන 3.2 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
එහි 2600 දෙනෙකු තුවාල ලබා සිටින අතර 500 කට අධික පිරිසක් අතුරුදන්ව සිටිනවා.
දිවිගලවාගත් අය වෙත ලගාවීමට සහන සේවකයන්ට අපහසු වී ඇති බවයි ඉන්දුනීසියා වාර්තා සඳහන් කරන්නේ.
ඒ අවහිර වූ මාර්ග සහ කැඩුණු පාලම් හේතුවෙනුයි.










