ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු වර්ණයෙන් යුක්ත අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(08) රාත්‍රී 10 දක්වා වලංගු වන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඊයේ(07) රාත්‍රී 10ට නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම ගොඩිබිම් ප්‍රදේශ සඳහා මෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ(07) සවස 5.30 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 570ක් ගිනිකොණ දෙසින් අක්ෂාංශ 5.0N සහ දේශාංශ 86.8E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 36 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින අතර එහි බලපෑම හේතුවෙන් අද(08) දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ජනයක් බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.













