කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට තායිලන්තය බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තායිලන්ත දේශසිමාවේ පිහිටි පොයිපෙට් හි කැසිනෝ මධ්‍යස්ථානයට තායිලන්ත හමුදා බෝම්බ හෙලූ බවයි.
දෙරට අතර ප්‍රධාන ගොඩබිම් හරස් මාර්ගයක් වන මෙම ස්ථානයෙහි නිරන්තර ගැටුම් පවතිනවා.
ප්‍රහාරවලින් කැසිනෝ ශාලා 4 කට හානි සිදුව ඇති බව සඳහන්.
මේ මාසය තුළ තායිලන්ත, කාම්බෝජ ගැටුම් හේතුවෙන් තායිලන්තයේ 20 දෙනෙකු සහ කාම්බෝජයේ 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ලක්ෂ 8 ක් පමණ ඒ හේතුවෙන් අවතැන්ව සිටින බවඳ සඳහන්.













