කාම්බෝජයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.
මෙහිදී පිරිමි 05ක් සහ එක කාන්තාවකගෙන් සන්විත එම පිරිස ඊයේ රාත්‍රියේ ශ්‍රී ලකාවට පැමිණි තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඉල්ලීම මත කාම්බෝජ පොලීසිය මැදිහත් වී මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීමටයි කටයුතු කර තිබෙන්නේ.
මිනිස් වෙළඳාම්කරුවන් it ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දෙන බවට සහ කැනඩාව ඇතුළු යුරෝපීය රටවලට යවන බවට පොරොන්දු වෙමින් තරුණ තරුණියන් කාම්බෝජය වෙත ගෙන්වා අතරමං කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අණාවරණය වී තිබෙනවා.
පසුගිය කාලය පුරා තායිලන්ත හා මියන්මාර තානාපති කාර්යාල හරහා දියත් කළ මෙහෙයුම් හේතුවෙන් නැගෙනහිර ආසියානු කලාපයේ මිනිස් වෙළඳාමට ගොදුරු වූ සියයකට අධික පිරිසක් බේරා ගැනීමට හැකි වූ බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














