කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පසුගියදා එක් වුණා.
කොරියානු රජයේ අනුග්‍රහය මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බඹරකැලේ, ශාන්තිපුර හා කලාපුර යන ගම්මාන තුනේ කාන්තාවන්ට මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවන බවයි වාර්තා වන්නේ.