ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දසවන තරඟය අද පැවැත්වෙනවා.
ඒ ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.
තරඟය මෙරට වේලාවෙන් පස්වරු තුනට විශාඛාපට්නම්හීදී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වන්නේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.
ඒ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කරමින්.
එංගලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙහි පසුවනවා.
ඉන්දීය කාන්තා කණ්ඩායම පසු වන්නේ එහි තෙවැනි ස්ථානයේයි.
ඒ ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරගම දෙකම ජයග්‍රහණය කරමින් .