අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායිකා මනුදි නානායක්කාර සහ උප නායිකා රශ්මික සෙව්වන්දි පළමු වරට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා.
නවසීලන්තයේ සංචාරයකට එක්වීමට නියමිත කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළ අතර, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට මනුදි සහ රශ්මිකා එක්කර තිබෙනවා.
මොරටුව වේල්ස් කුමරි විදුහල් ක්‍රීඩිකාවක වන 17 හැවිරිදි මනුදි පසුගිය මස නිමාවූ අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී 5 වැනි ස්ථානය හිමිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල මෙහෙය වූවාය. එම කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළේ මාතර අනුර විදුහලේ 18 හැවිරිදි රශ්මිකා සෙව්වන්දියි.
ඊට අමතරව මොනරාගල දුටුගැමුණු මධ්‍ය විදුහලේ 23 හැවිරිදි චේතනා විමුක්ති ද පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. ඇය මොනරාගල කාන්තා ඇකඩමියේ වේග පන්දු යවන්නියක ලෙස ක්‍රීඩා කරනු ලබනවා.
මාස 8කට පසු 23 හැවිදිරි පිතිකාරිනියක වන ඉමේෂා දුලානිට ද යළි අවස්ථාව හිමිව තිබෙනවා.