මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේ වෙල් යායක තිබී කාන්තා මළසිරුරක් හමු වී තිබෙනවා.
ඊයේ (12) සවස මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර මෙම මළසිරුර සොයාගෙන ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 පමණ වූ කාන්තාවක් වන බවත් ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් පොලිසිය සඳහන් කළා.
මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.