කාන්තා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 18වැනි තරගයෙන් ජය ගැනීමට දිල්ලි කැපිටල් කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම කඩුළු 9න් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 109ක් රැස් කළා.
අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 09ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 110ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කිරීමට සමත් වුණා.