කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ ඉන්දියානු සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.
තරගය නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
අද තරගයට යම්තාක් දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ සම්භාවිතාවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.
දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්
දෙවන අවසන් පූර්ව තරගයේදී හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.
මෙවර තරගාවලියේ අවසන් මහා තරගය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව පැවැත්වෙන පළමු එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ලෙසයි.













