පාස්කු ප්‍රහාරයේ විමර්ශන මුවාවෙන් වත්මන් නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ වඩුමුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක පැවති උත්සවයකදීයී.