ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුනේ.
ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බහුලව මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර එම කරුණු සලකා බලමින් අමාත්‍යංශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බවයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විමර්ශනය කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වුනේ.
අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව අවශ්‍ය ආයතනවල නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කර ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටළුවට මුහුණ දී ඇති ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම මෙම කමිටුව මගින් සිදුකරනු ඇති බවයි.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














