මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමාජය තුළ සිටින බව ද ඇය ප්‍රකාශ කළා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඇය මේ බව ඊයේ (13) පැවසුවා. මේ මස 24 වැනිදාට ලෝක ක්ෂය රෝග දිනය යෙදී ඇති අතර, “ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකී” යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාවයි.