“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව ක්‍රීඩා අමාත්‍යංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ක්‍රීඩා සතිය හෙට සිට ආරම්භ වනවා.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම සහ ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමයි.
ඒ අනුව ක්‍රීඩා සතියේ පළමු තරගය ලෙස ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි රැලිය හෙට පෙරවරුවේ රීඩ් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම හෙට පස්වරු 3.30 ට පාපන්දු තරගයක්, පස්වරු 4ට ජිම්නාස්ටික් තරග, පස්වරු 5 ට කරාටේ හා වුෂූ සංදර්ශන ටොරින්ටන් පෙදෙසේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
අනිද්දා දින පස්වරු දෙකේ සිට නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට්බෝල්, රෝද සපත්තු සංදර්ශනයක්, අංගම්පොර සහ හොකී තරග පැවැත්වෙනවා.
ක්‍රීඩා සතියේ සමාප්තිය සටහන් කරන 31 වැනිදා පස්වරු 4ට යෝගා සහ ව්‍යායාම් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතයි.