කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් වෙනම විමර්ශනයක් පවත්වන බව අල්ලස් කොමිසම කොටුව මහේස්ත්‍රාත් නිලුපුල් ලංකාපුර හමුවේ අද දැනුම දුන්නා.
අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙම විමර්ශන ආරම්භ කළ බවයි කොමිසමේ නිලධාරියෙක් අධිකරණයට දන්වා සිටියේ.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 4 වැනිදා කැඳවන ලෙසත් නීතිපති උපදෙස් ඉන් පෙර ලැබුනහොත් නොතිසි නිකුත් කරන බවත් මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.