තේරීම් කාරක සභාවක් පත්කිරීම ක්‍රිකට් අර්බුදයට විසඳුමක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා .
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මන්ත්‍රීවරු නමින් සංසදයක් ස්ථාපිත කර මන්ත්‍රීවරුන් 225ටම ආරාධනා කොට ක්‍රිකට් පිළිබද විමර්ශනයක් සිදු කළ හැකි බවයි .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කලා .
මේ ගැන සෙවීමට විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ බවද ඔහු සඳහන් කලා .
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ක්‍රිකට් තරග ජාත්‍යන්තරයට විකුණා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා .
එමෙන්ම කෝප් කමිටු නිලධාරිනියකට සිදුවූ හිංසනය සමබන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවෙදී උණුසුම් තත්වයක් ඇති වුනා. මේ සමිබන්දයෙන් වත්මන් සභාපති සම්බන්ධ බවයි විපක්ෂය චෝදනා කලේ.