කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ, ගෝනපොල ප්රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්රතිකාර ලබමින් සිට තිබෙනවා .
රෝගියා ප්රතිකාර ලබමින් සිටි වාට්ටුවේ රැඳී සිටි රෝගීන් දැකීමෙන් අනතුරුව පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.