මේ දින වල පවතින අධික වර්ෂාපතනයත් සමඟ කළුතර සහ රත්නපුර යන දිස්ත්රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කළේ කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, පාලින්ද නුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑමේ අවදානම පවතින බවයි.