මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් පුහුණු කිරීමේ ශික්ෂණ රෝහල ලෙස කළුතර රෝහල තෝරා ගෙන ඇතත් එම රෝහලට අලුතින් යටිතල පහසුකම් කිසිවක් ලබා නොදී දැනට පවතින වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍ය ඒකක සහ වාට්ටුවලින් කොටසක් නව වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයකට ලබා දීමට රෝහල් අධ්‍යක්ෂවරිය සිය එකඟතාව ලබා දීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසනවා.
කළුතර ශික්ෂණ රෝහල මොරටුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශික්ෂණ රෝහල බවට පත් කිරීමට රජය තීරණය කර සැලකිය යුතු කාලයක් ගතව ඇතත් එම වෛද්‍ය සිසුන්ගේ සායනික හැදෑරීම් සඳහා මහාචාර්ය ඒකකයක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය නොකොට මේ වන විටත් එක් ඒකකයක් ලබා දී ඇත.
කෙසේ වුවද වෛද්‍ය පීඨයට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිති ප්‍රතීතන ලබා ගැනීමට අවශ්‍ය ශික්ෂණ රෝහල් පහසුකම් මඳවීම හේතුවෙන් දැනට රෝහලේ පවතින කායික රෝග, ශල්‍ය රෝග, ළමා රෝග හා කාන්තා රෝග සඳහා ඒකකවලින් ද කොටසක් තවත් මහාචාර්ය ඒකකයක් සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.
එහිදී රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තනතුරු දෙකෙන් එකක් ළමා රෝග විශේෂඥ මහාචාර්ය ඒකකයක් පිහිටුවීම සමඟ යටපත් කිරීමට ද තීරණය වී තිබෙනවා.
එම තත්ත්වය එම රෝහලේ දැනට සේවය කරන ඉහත අංශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සේවය සැලසීම සඳහා පවතින පහසුකම් අඩුවීමත් පවතින සීමිත ශල්‍යාගාර සඳහා අනපේක්ෂිත තදබදයක් සහ තරගයක් නිර්මාණය වීමත් හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඊට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රෝහලේ පවතින ළමා රෝග විශේෂඥ තනතුරු දෙකෙන් එකක් යටපත් කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කළ තනතුරක් අහිමි කිරීමක් බවද පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.