කුෂ් මත්ද්‍රව්‍යය සන්තකයේ තබා ගනිමින් මෝටර් රථයකින් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි තරුණයෙක් දිඹුලපතන පොලිසියේ නිලධාරීන් විසින් හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කළුතර ප්‍රදේශයේ පදිංචි තරුණයන් සිව්දෙනෙකු නුවරඑළියේ සංචාරයක් සඳහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම මෝටර් රථය දිඹුලපතන පොලිසිය විසින් නතර කර පරීක්ෂා කිරීමේදී එක් තරුණයෙක් සන්තකයේ තිබී කුෂ් මිලිග්‍රෑම් 130ක් තිබී සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකාර තරුණයා අවුරුදු 28ක් පමණ වයසැති තරුණයෙකු බවත් එම සැකකරු අද (22) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් දිඹුලපතන පොලිසිය කියා සිටියා.













