වවුනියාව, කුමංකුලම ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නැවැත්වීමට උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදී තිබෙනවා.
පහරකෑමෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවයි පොලිසිය කියා සිටියේ.
පොලිසිය කියා සිටියේ එම නිලධාරීන් හතර දෙනා අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී ඒ ආසන්නයේ සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බවයි.
වවුනියාව කුමාංකුලම ප්‍රදේශයේ යතුරු පැදිකරුවෙකු වැටී සිටින බවට ප්‍රදේශයේ රථ වාහන රාජකාරී සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ඊයේ(11) රාත්‍රී පුද්ගලයෙකු දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී ගම්වාසීන් පිරිස පවසා ඇත්තේ අදාළ පුද්ගලයා ගමන් කරමින් තිබූ යතුරු පැදියේ රෝදයක් තුළට පොලිසිය මුගුරක් දැමීම නිසා ඔහු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇත ිබවයි.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ එවැනි දෙයක් සිදුවූවා නම් යතුරු පැදියේ රෝද හානි සිදුව තිබිය යුතු බවත් අනතුර පත් යතුරු පැදියේ රෝදවලට කිසිදු හානියක් සිදුව නොමැති බවත් පොලිසිය පවසනවා.
ප්‍රදේශවාසීන්ගේ පහරදීම හේතුවෙන් පොලිස් කැබ් රථයක් සහ යතුරු පැදි දෙකකටද හානි කොට ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසය අහසට වෙඩි තබා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳව තිබෙනවා.