කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තරුණයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයිද සඳහන්. මාසයක කාලයක් ඇතුළත අදාළ වාර්තාව ලබාදෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 30 වැනිදා නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුරය රෝහලට ඇතුළත් කෙරුණා. මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසියට ද චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි ජාතික පොලිස් කොමිසම පවසන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














