කහවත්ත ප්‍රදේශයේ තරුණයක් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතකයන් පැමිණි බව කියන ජීප් රථය සහ අත් විලංගුව ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
කහවත්ත යායින්න ප්‍රදේශයේ නිවසකට ජීප් රථයකින් පැමිණි හතරදෙනෙකු එහි සිටි තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් අයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 30 වනදායි.
තරුණයන්ට අත් විලංගු දමා වෙඩි තැබීම සිදුකර තිබුණා
ඉන් 22 හැවිරිදි තරුණයෙකු මිය ගිය අතර 27 හැවිරිදි අනෙක් තරුණයා තුවාල ලැබුවා.