දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ මිතුරෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන්ව ඇති බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණා.