බලපත්‍රයක් නොමැතිව ගම්පොළ සිට පූඩළුඔය දක්වා ලොරි රථයකින් කසළ තේ ප්‍රවාහනය කළ එම ලොරි රථයේ රියදුරා අද(14) පස්වරුවේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉිදරිපත් කිරීම සඳහා පූඩළුඔය පොලිසිය වෙත භාරදී තිබෙනවා.
සැකකරු ගම්පොළ සිට කසළ තේ කිලෝ 5,379ක් රැගෙන නායයාමෙන් ආපදාවට ලක්වූ මාර්ග එස්සේ පූඩළුඔය දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ කොත්මලේ පාළුවත්ත ප්‍රදේශයේදී සැක සහිත ලොරි රථය නතර කර පරීක්ෂා කිරීමේදී ලොරි රථයේ තිබී එම කසල තොගය සොයා ගත් බවයි තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.වී.පී. ජීවන්ත මහතා කියා සිටියේ.
තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.වී.පී. ජීවන්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.













